Google+

ගල් අඟුරු මාෆියාව සොයන්න විශේෂ පොලිස් කණ්ඩායමක්

වර්තමානයේ කතාබහට ලක්වන ගල් අඟුරු මාෆියාව පිළිබඳ මේ වන විට ත්‍රිපුද්ගල කමිටුවක් මඟින් හා පොලිස් විශේෂ කණ්ඩායමක් යොදවා පරීක්ෂණ සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

පසුගිය සමයේ ආන්දෝලනයට තුඩුදුන් ගල් අඟුරු නැව් පහක් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන අතර මෙම මාෆියාවට සම්බන්ධ අයෙක් ඔස්ට්‍රේලියාවට ගොස් සිටින අතර තවත් අය වෙනත් රටවලට පැනගොස් සිටියත් ගල් අඟුරු මාෆියාවට සම්බන්ධ හෝ මෙහෙයවූ කිසිවෙකුට බේරෙන්නට නොදී ඍජුව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව විදුලිබල ඇමැතිවරයා කීය.

ආණමඩුව සුදම්පාය නගර ශාලාවේ පැවති “දොරකඩට සේවාව” එක් දිනෙකින් විදුලිය ලබා දීම සඳහා ලං.වි.ම හා විදුලිබල අමාත්‍යාංශය එක්ව සිදුකරන ලද නව විදුලිය සැපයීමේ ජාතික උත්සයට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

විදුලිබල හා ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ දූෂිතයන් හා වංචාකරුවන්ට දඬුවම් දෙන බව අවධාරණය කරමින් ඇමතිවරයා මෙසේද කීය.

බෝයාව නැවතුන වෙලාවේ නැවක් ගෙනාවා. එම නැව ගෙනා අය හට තරාතිරම නොබලා දැඩිව දඬුවම් දෙන්න ක්‍රියා කරනවා. එමෙන්ම මන්නාරම් ද්‍රෝණියේ අද වන විට ගෑස් ලිං දෙකක් හමුවී තිබෙනවා. එම ගෑස් සම්පත මුහුදු මාර්ග ඔස්සේ නොරොච්චෝලේ තාප බලාගාරය හරහා කොළඹට ගෙන ගොස් පිරිපහදු කර 2020 වන විට රටට අවශ්‍ය ඛණිජ තෙල් ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය කර පිටරටින් ඛණිජ තෙල් ආනයනය කිරීම නැවැත්වීමට අප ක්‍රියා කළ යුතුයි.

පසුගිය කාලයේ මහින්ද මහත්තයා අත්තනෝමතිකව ගෙන ගියේ ජාතික මංකොල්ලයක්. වරායවල්, ක්‍රීඩාංගන, පාරවල් හදනකොට අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අනිසි විදිහට මංකොල්ල කෑවා.

විශාල ලෙස එළෙස කළ හොරකම් හා දූෂණ දැන් නැවතී තිබෙනවා. ඒ හින්ද ාමෙරට ජනතාව ඡන්දය ලබා දුන්නේ යහලපාලනය කරන්න මිසක් වාචං දූෂණ කරන්න නොවේ. එසේ කළහෝත් ඉන්දිවයාවේ මෝදි ආණ්ඩුව නවදිල්ලියේ දී පරාජය වුණා වගේ සිදුවන බව ඇමැතිවරයා කීය.

2015 ජුනි මස 04 වැනිදා බ්‍රහස්පතින්දා – දිවයින පුවත්පත ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

75 − = 72