Google+

ජාතික හෙළ උරුමයේ වෙසක් පණිවිඩය

Ven-Omalpe-Sobitha-Theroවෙසක් පුණ්‍ය මහෝත්සවය සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන බෞද්ධයින්ගේ ජාතික උත්සවයයි. වසර දහස් ගණනක් තිස්සේ මෙම දිනය බෞද්ධයන් ජාතික පුණ්‍ය උළෙලක් ලෙස සැමරු බව ඉතිහාසය සාක්‍ෂි දරයි. අපගේ පෙර රජදරුවන් පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව වෙසක් උත්සවය මහා සංස්කෘතික මංගල්‍යයක් ලෙස ජාතික අනන්‍යතාවයකින් යුතුව සැමරු බව ඉතිහාසයේ සඳහන් වේ. වර්තමානය වන විට එය ලෝකවාසි බෞද්ධ ජනතාවගේද පුණ්‍ය මංගල්‍යක් බවට පත්ව ඇත.

අද වන විට වෙසක් පුණ්‍යා්ත්සවයට නොගැලපෙන බොහෝ දෑ එක්වී ඇත.ඔඵබක්කන් නැටවීම, හොල්මන් ගුහා, ඇටසැකිළි නැටවීම, විකාරරූපී වෙස්මුහුණු, ශ‍්‍රද්ධාව, ප‍්‍රඥාව වෙනුවට ශූංගාරය අවුස්සන පෙම්වතුන්ගේ වෙසක්පත්, නොගැලපෙන දන්සල්, මුදල්වලට පෙන්වන පහන්කූඩු, හරබර – බැතිබර බවින් තොර අනවශ්‍ය ගීත ඇතුඵ දෑ වෙසක් සංස්කෘතියට එක්වී ඇත. ඒ සියල්ල බැහැර කළ යුතු අතර මෙවැනි දෑ කරන්නන් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඔවුන්ට කරුණු අවබෝධ කර දිය යුතුය. ඒ පිළිබඳව බලධාරින්ගේ නිසි අවධානය වහාම යොමුවිය යුතුය. අද වෙසක් උත්සවය බෞද්ධයන්ගේ උත්සවයකට වඩා වෙළන්දන්ගේ උත්සවයක් බවට පත්ව තිබේ. එය වාණිජකරණය වී ඇති අතර වෙසක් උත්සවයට නොගැලපෙන වෙසක් භාණ්ඩ විශාල වශයෙන් රට තුළට ආනයනය කරන අතර ඒ හරහා අපගේ ජාතික වෙසක් සංස්කෘතිය වෙනත් රටවල වෙසක් සංස්කෘතිකාංගවල ආක‍්‍රමණයට ගොදුරුවෙමින් ඇත.

මෙවැනි දෑ සොයා බලා පාලනය කිරීම නියාමනය කිරීම, බුද්ධ ශාසනය භාර නිලධාරින්ගේ වගකීමකි. වෙසක් දිනයේ වෙසක් සැරසිලි වලින් කෙරෙන පරිසරයට හානිකර ප්ලාස්ටික් වැනි දෑ වලින් හැකිතරම් ඉවත්වීමට ද, ගහකොළ පරිසරය රැුකගැනීමට ද සත්ත්ව හිංසනය පිටුදැකීමට ද සතුන්ට අභයදානය ලබාදීමට ද වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුය. නොසන්සුන් මානසිකත්වයෙන් සමාජය මුදාගෙන අධ්‍යාත්මික නිවීම දෙසට සමාජය පෙළගැස්වීමට වෙසක් වැඩසටහන් යොදාගත යුතුය. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ ථෙරවාදී බෞද්ධ රාජ්‍යයන්ට එල්ලවී ඇති අන්‍යාගමික ආක‍්‍රමණ හා තර්ජනයන් පිළිබඳ අවධානය යොමුකරමින් එය වළක්වාලීමට ලෝකබෞද්ධ ප‍්‍රජාව සමග සාමූහිකත්වයක් ගොඩනැගීමට මෙම වෙසක් සැමරුම අවස්ථාවක් කරගත යුතුය. දස රාජ ධර්මයෙන් යුතු යහපාලනයක් මගින් රට වැසියන් සදාචාරාත්මකව අධ්‍යාත්මිකව සුවපත් කළ හැකි බව අපගේ විශ්වාසයයි. උදා වූ මේ වෙසක් උත්සවය සැමට අධ්‍යාත්මික ධාර්මික පහන් සිතුවිලි උපදින සියලූ සත්ත්වයින්ට කරුණාව මෛතී‍්‍රය විිහිදුවාලන වෙසක් මංගල්‍යක් වේවායි ප‍්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි,

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි
නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

+ 8 = 9