Google+
ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ශ්‍රී ජනවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා.

නව මැතිවරණ ක්‍රමය මෙවර සම්මත නොකළොත් තව අවුරුදු 20කටවත් කරගන්න බෑ.

Anuruddha-Pradeep-Karnasuriya-Senior-Lecturer-Department-of-Political-Science-University-of-Sri-Jayawardenapura-&-the-educational-secretary-of-Jathika-Hela-Urumaya-(JHU)නව මැතිවරණ ක්‍රමය මෙවර සම්මත නොකළොත් තව අවුරුදු 20කටවත් කරගන්න බෑ. – ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ශ්‍රී ජනවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා.

පසුගිය ජනාධිපතිවරණයේදී වැඩිපුරම කතාබහට ලක්වුණේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇතිකිරීම ගැන වගේම දූෂිතයන්ට දඬුවම් දීම ගැනයි. පසුගිය වසර ගණනක් පුරාම මේ ගැන විවධ කතාබහ ඇතිවෙමින් තිබුණා. සියලුම දෙනා තෘප්තිමත් නැතිවුණත් දහනව වැනි සංශෝධනයෙන් මේ ආණ්ඩුක්‍රම සංශෝධන තරමක් දුරට ඉටුවුණා.

දැන් තියෙන්නේ සමානුපාතික මැතිවරණ ක්‍රමය රැකගන්න ගමන් මනාප ක්‍රමය නැති මැතිවරණ ක්‍රමයක් ඇතිකිරීමයි. මේ ක්‍රමය ගැන මුලින්ම පෙන්වා දුන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතායි. සමාජය කම්පනය කරන මට්ටමට මුදල් භාවිතා වීම පටන්ගත්තේ සමානුපාතික ක්‍රමය අපේ රටට හඳුන්වා දුන්නාට පස්සේයි. ඒත් ආසනය කුඩාකරගත්තාම මේ තත්ත්වය නැතිකරගන්න පුළුවන්. දැන් තියෙන මැතිවරණ ක්‍රමයෙන් හොඳ මිනිසුන් මහජන නියෝජිතයන් වීම අධෛර්යමත් වෙලා තියෙනවා.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිවෙන්න බලපාපු ප්‍රධාන කරුණු දෙක වුණේ විධායක ජනාධිපති ධූරයේ බලතල හා බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය ඛාදනය කළ මනාප ක්‍රමයයි. අපි වගේ තුන්වැනි ලෝකයේ රටවල්වල දේශපාලනයේදී චණ්ඩින්ගේ කාර්යභාරය වැඩිවුණා. මෙතෙක් කාලයක් දේශපාලකයන්ගේ ගෝලයෝ වුණු චණ්ඩි පසුගිය අවුරුදු දහයක කාලයේ දී මැතිවරණවලට ඉදිරිපත් වෙලා මහජන නියෝජිතයෝ වුණා. නූරිවත්තේ, තංගල්ලේ හා අකුරැස්සේ සිදුවුණු සිද්ධිවලදී මේවා පැහැදිලියි.

දහනව වැනි සංශෝධනය ගෙනෙද්දී මහා උනන්දුවක් ඇතිව කඩිමුඩියෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ කඩිමුඩිය හින්දාම මේකේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලත් අපිට හිතුණා. දැන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන විසිවැනි සංශෝධනයේදී යටිකූට්ටු වැඩක් තියෙනවා. මේ ක්‍රමයෙන් සුළු පක්ෂවලට තියනෙ තත්ත්වයට වඩා අසාධාරණයක් වෙන්නේ නැහැ කියලා ඔප්පු කර පවා තියෙනවා. නව මැතිවරණ ක්‍රමය මේ අවස්ථාවේදී ඇති නොකළහොත් එය තවත් අවුරුදු විස්සකින් හෝ ඇතිකිරීමට නොහැකිවන බව ද අනුරුද්ධ ප්‍රදීප් මහතා මෙහිද පැවසීය.

2015 මැයි මස 30 වැනිදා සෙනසුරාදා – ලංකාදීප පුවත්පත ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

77 − 71 =